චණ්ඩි දේශපාලනය දැන් බෑ…- හරීන් වෙනුවෙන් අනුර පෙරට

violent politics anura dissanayakke
By Thaya Jan 13, 2021 05:29 PM GMT
Thaya

Thaya

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමනට චරිත දෙකක් ඇතැයි පැවසීමෙන් පෙනී යන්නේ ඔහු දෙබිඩ්ඩෙක් බව යයි ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ චරිත දෙකක් ඇති පුද්ගලයන්ට ගම්වල පවසන්නේ දෙබිඩ්ඩා යනුවෙන් බවයි.

ජනාධිපතිවරයා මේ තරම් කිපී ඇත්තේ ඔහුගේ සම්පූර්ණ නම කීමෙන් නිසා බවද දිසානායක මහතා කියා සිටියේය.

සමාජය බිය වද්දමින් සිදු කරන චන්ඩි දේශපාලනය තවදුරටත් ලංකාවේ දේශපාලනයට වලංගු නැතැයි ජනාධිපතිවරයාට මතක් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පහ දී පැවති රැස්වීමක් අමතමිනි.