කොවිඩ් නීති කැඩූ පිරිස් කොළඹදීත් ඔසවාගෙන යයි(VIDEO)

bus stand railway station economic center gall face malvaththa para
By Sewvandhi May 07, 2021 12:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන රීති උල්ලංඝනය කරන පිරිස් සොයා කොළඹ ස්ථාන රැසක අද (07) දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක විය. ඒ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ය.

කොටුව දුම්රියපොළ, කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය,මල්වත්ත පාර හා ගාලුමුවදොර ආශ්‍රිතව එම මෙහෙයුම් ක්‍රියාත්මක විය.

මුහුණු ආවරණ නොමැතිව සහ මුහුණු ආවරණ නිසියාකාරව නොපැළඳ මාර්ගවල ගමන්ගත් පිරිස් වැඩි වශයෙන් එහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

නිරෝධායන රීති කඩකරමින් යතුරුපැදිවල ගමන් ගත් පිරිස් සහ බස්රථවල ගමන් ගත් පිරිස් අත්අඩංගුව ගෙන තිබුණේ වීඩියෝ සාක්ෂි ද සහිතවය.

පොලීසිය සඳහන් කළේ එම පිරිස් අතරින් දැඩි ලෙස නිරෝධායන රීති උල්ලංඝනය කර තිබෙන පිරිස් සඳහා නඩු පැවරීමට කටයුතු කරන බවය. සෙසු පිරිසට අවවාද කර මුදා හැරීමට කටයුතු කර තිබේ.

යාපනය පොලීසිය විසින් ද ඊයේ දිනයේ එලෙස සෞඛ්‍ය උපදෙස් කඩකළ පුද්ගලයින් සිය භාරයට ගෙන තිබුණි.


   සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now