මහල් නිවාසයක ගින්නක් ඇවිලී යයි - 56ක් ජිවිතක්ෂයට පත් වූ සංවේදී පුවතක්.. තුවාල ලැබූවන් අතර කුඩා ළමයිනුත්.. (PHOTOS)

Fire Vietnam Death
By krishani Sep 13, 2023 02:48 PM GMT
krishani

krishani

Report

මහල් නිවාසයක ගින්නක් ඇවිලී යයි - 56ක් ජිවිතක්ෂයට පත් වූ සංවේදී පුවතක්.. තුවාල ලැබූවන් අතර කුඩා ළමයිනුත්.. (PHOTOS) | Vietnam At Fire

වියට්නාමයේ හැනොයි අගනුවර මහල් නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 56 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන්ම සිදු වූ ගින්නෙන් ළමුන් 37 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය සඳහන් කළේ ය.

මහල් නිවාසයක ගින්නක් ඇවිලී යයි - 56ක් ජිවිතක්ෂයට පත් වූ සංවේදී පුවතක්.. තුවාල ලැබූවන් අතර කුඩා ළමයිනුත්.. (PHOTOS) | Vietnam At Fire

නිවැසියන් 150ක් පමණ වාසය කරන මහල් නවයකින් යුත් මෙම ගොඩනැගිල්ලේලේ ඊයේ (12) රාත්‍රියේ දී ගින්න හටගෙන ඇති බව එරට නිල වියට්නාම පුවත් ඒජන්සිය (VNA) ප්‍රකාශ කළේ ය.

එම ගින්න එරට වේලාවෙන් අලුයම 2 පමණ වන විට මැඩපැවැත් වූ බව සඳහන් වන අතර ගින්නෙන් බේරීම සඳහා ජනේලයෙන් පැනීමෙන් තුවාල ලැබූ කිහිප දෙනෙකු තුවාල ලබා ප්‍රාදේශීය රෝහල්වලට ඇතුළත් කර ඇත.

මහල් නිවාසයක ගින්නක් ඇවිලී යයි - 56ක් ජිවිතක්ෂයට පත් වූ සංවේදී පුවතක්.. තුවාල ලැබූවන් අතර කුඩා ළමයිනුත්.. (PHOTOS) | Vietnam At Fire

මේ අතර ගිනි වැළැක්වීමේ රෙගුලාසි උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් ගොඩනැගිල්ලේ හිමිකරු වන Nghiem Quang Minh අත්අඩංගුවට ගෙන ඇති බව එරට මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වේ.

ReeCha