මෙරට වෛරසය අවුරුදු 30-40 අයට ඉතාමත් බරපතලයි... පැතිරීම සීඝ්‍රයි..

Covid India China Sri lanka England
By Aruna May 11, 2021 05:23 AM GMT
Aruna

Aruna

Report

 හෝමාගම කොවිඩ් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සමග කළ සාකච්ඡාවකි.

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රකාශ කරනවා ඉන්දියානු වෛරසය ආසාදිත පුද්ගලකු කොළඹ පෞද්ගලික රෝහලක නිරෝධාන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ගනිමින් සිටින බව.

තත්ත්වය බොහෝ බරපතළ බවයි අපට පෙනෙන්නේ මොකක්ද ඔබ කියන්නේ ? ඇත්තටම මේක ඉතාම බරපතළ තත්ත්වයක් ඇත්තටම අපි මේක බලාපොරොත්තුවෙන් සිටියේ.

ඉන්දියාව අපේ අසල්වැසි රට කොයි වෙලාවක හෝ මේ දරුණු ඉන්දියානු ප්‍රභේදය අපේ රටට ඇතුල් වෙයි කියලා B1617  මේක uk variant ගැලවිලා ගියපු ඉන්දියාවටම විශේෂ වුන ප්‍රභේදයක්.

 සමහරු කියනවා මේ ප්‍රභේදය චීනයේ වුහාන් වලින් වාර්තා උනාටත් වඩා වැඩිපුර වේගයෙන් ව්‍යාප්ත වෙන ප්‍රභේදයක් කියලා? ඇත්තටම දැන් එංගලන්ත වෛරස් එක ගත්තත් වූහාන් ප්‍රභේදයට වඩා විශාල වශයෙන් පැතිරී ගිය ප්‍රභේදයක්.

  දැන් මෙ ඉන්දියානු ප්‍රභේද ඊටත් වඩා ප්‍රභලයි .අපිට පේනවානේ ඉන්දියා වෙන තත්වය.

ඒ කට්ටිය කොච්චර අමාරුකම් එක්කද ඉන්නේ කියලා නිවුස් බැලුවම පේනවා .

ඔබ විශ්වාස කරන විදිහට මේ ප්‍රභේද කොහොමද ලංකාවට ඉන්දියාවෙන් එන්න ඕනෙද ලංකාවේ ව්‍යාප්ත වීමත් එක්ක අලුත් ප්‍රභේදයක් ලෙස  ඉන්දියාවට සමාන ප්‍රභේදයක් හැදෙන්න පුලුවන්ද මොකක්ද වෙන්න ඇත්තෙ?  

ඔය දෙකම වෙන්න පුළුවන්.  නමුත් මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි සම්පූර්ණම රට වහලා තිබ්බෙත් නැහැ. ඒ නිසා ඉන්දියාවේ ඒක වෙන්න පුළුවන්.  නමුත් මේ ආකාරයට ශීඝ්‍රයෙන් මේක පැතිරී යද්දී සමහර විට අපේ රට ඇතුලෙම අපිටම විශේෂ ප්‍රභේදයක් දරුණු ගණයේ ප්‍රභේදයක් ඇති වෙන්න පුළුවන්.

අපි දැන් හිතාගෙන ඉන්නවා අපේ මේ දේශගුණය ගන්න ආහාර අනුව ප්‍රතිශක්තියක් තියෙනවා මේකෙන් පොඩ්ඩක් බේරෙන්න පුළුවන් කියලා නමුත් මේක විශාල වශයෙන් අපේ රට ඇතුලේ පැතිරෙන ගත්තොත් ශ්‍රී ලංකා ප්‍රභේදයක් හැදෙන්න පුළුවන්

.අපි කවුරුත් මේකට නිසි ලෙස ඔරොත්තු නොදෙන . මට කියන්න මේ  ඉන්දියානු  ප්‍රභේදය මෙතෙක් ලංකාව තුළ පැතිරෙන බ්‍රිතාන්‍ය ප්‍රභේදයට වඩා බරපතලයි ද?  

ඔව් අනිවාර්යෙන්ම බරපතලයි . පැතිරීම සීඝ්‍රතාවය වැඩි . මරණ වැඩි වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම අවුරුදු තිහ හතළිය වගේ වයස් කාණ්ඩ වල සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් කවදාවත් මීට පෙර නිදන්ගත රෝග කිසිවක් තිබිච්ච නැති පුද්ගලයින්ට මේක ඉතාමත් ඉක්මනින් වැළඳිලා නිව්මෝනියා තත්ත්වයට යන්න පුළුවන් දින දෙක තුනක් ඇතුළත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now