සම සුදු කර ගන්න ක්‍රීම් ගාන අයට ඉතා භයානක ආරංචියක්!!!.

Police
By Thaya Mar 03, 2021 05:13 PM GMT
Report

ග්‍රැන්පාස් - වෙල්ලවීඩි පොලිසිය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති අතර එහිදී භාවිතයට ගත නොහැකි ආලේපන සොයා ගෙන තිබේ.

පොලිසියට ලැබුණු රහස්‍ය තොරතුරු පදනම් කරගෙන මෙම විමර්ශනය සිදු කෙරෙමින් පවතී.

වැටලීමේදී භාවිතා කළ නොහැකි ආලේපන ලක්ෂ 50 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

සම සුදු කිරීම සඳහා භාවිතා කරන මෙම කීම් ඉන්දියාවෙන් සහ වෙනත් රටවලින් පාකිස්තාන තැරැව්කරුවන් හරහා ආනයනය කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

මේවා සමට භාවිතා නොකරන බැවින් ඒවා ඉතා භයානක බවයි වාර්තා වන්නේ.