"මැයි 25 අත්පුඩි ගහන්න ලෑස්ති වෙන්න" - දූෂිත දේශපාලකයකුගේ හිරේ යන නඩු තීන්දුව ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

Report

මැයි 25 වැනිදා දූෂණ චෝදනා එල්ල වී ඇති දේශපාලකයෙකුට අදාළ නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවත්, එදිනට සූදානමින් සිටින ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින්ට පවසා තිබේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (01) මහරගමදී පැවති ජාජබ කොළඹ දිස්ත්‍රික් මැයි රැලිය අමතමිනි.  

“මේ මැයි මාසෙට විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයින්ට නඩු 15ක් – ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් – මේ මැයි මාසෙ අධිකරණ හමුවේ තියෙනවා. අප්‍රේල් 30 ඊයෙ එකක් ඇහුවා. තීන්දුව දෙනවා කිව්වා මැයි 25. ඊයෙ ඇහුවා නඩුවක්, තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අත්පුඩි ගහන්න මැයි 25. එහෙමයි කරන්නෙ. එතකොට මොකද වෙන්නෙ ? ඒගොල්ලො කලබල වෙනවා. ඒගොල්ලො කලබල වෙන්න ඕනෙ. ඇයි ? හොරකම් කරපු කෙනා තමයි තරම දන්නේ. එයා තමයි එයා පස්සෙ එන බව දන්නෙ. ඉතින් ඒගොල්ලො කලබල වෙලා ආණ්ඩුව වට්ටනවා කියනවා. එහෙම වට්ටන්න බෑ”

යූටියුබ් වෙතින් සුපිරි තෑග්ගක් - දැන් හැමෝටම නොමිලේ

යූටියුබ් වෙතින් සුපිරි තෑග්ගක් - දැන් හැමෝටම නොමිලේ

"අතුරුදන් වූ ඩොලර්වලට ජනපති පළියිද? ජනපති මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ.." - සුනිල් වටගලගෙන් සැර ප්‍රකාශයක්

"අතුරුදන් වූ ඩොලර්වලට ජනපති පළියිද? ජනපති මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ.." - සුනිල් වටගලගෙන් සැර ප්‍රකාශයක්