අලුත් කොරෝනා වෛරසය පරදන්න එන්නතක්!

Covid-19 Vaccine Sri Lanka
By Thaya Jan 25, 2021 07:20 PM GMT
Thaya

Thaya

Report

මහා බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ පැතිර යන නව කොවිඩ් වෛරස ප්‍රභේදයන් සඳහා සිය එන්නත සාර්ථක බව ඇමෙරිකානු ‘මොඩර්නා’ එන්නත්සමාගම අද පැවසීය.

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස ප්‍රභේදය දරුණු විය ඇකි බවට හා එහි මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා අනතුරුඇඟවීමක් කලේ පසුගිය සෙනසුරාදායි.

එම වෛරස ප්‍රභේදය මේවන විට යුරෝපා කලාපය ඇතුලුව රටවල් 60කට වඩා පැතිරෙන බව වාර්තා වේ.

දකුණු අප්‍රිකාවෙන් පැතිර යන වෛරස ප්‍රභේදය ද සැලකිය යුතු මට්ටමේ ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.

එන්නත් සමාගම් එම නව ප්‍රභේද දෙක සඳහා සිය එන්නත් බලගැන්විය හැකිද යන්න පරීක්ෂා කරනුලබන්නේ මෙවන් තත්ත්වයක් හමුවේයි.