මෙරට ගැබිණි කාන්තාවන්ට හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ලබාදෙන ලෙසට ඉල්ලීමක්

vaccination England pregnant women Pradeep Silva
By Sewvandhi May 07, 2021 01:38 AM GMT
Report

මෙරට ගැබිණි කාන්තාවන් සදහා කඩිනමින් කොවිඩ් මර්ධන එන්නත්කරණය ආරම්භ කරන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

එංගලන්තයේ රාජකිය ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාතනය ෆයිසර් බයෝ ටෙක් එන්නත සම්බන්ධයෙන් කළ නිර්දේශ කිරිම් අනුව එම එන්නතෙන් ගැබිණි මවට හෝ දරුවාට කිසිදු සංකුලතාවක් හට නොගත් බව අනාවරණ වී නොමැති බවයි වෛද්‍ය ප්‍රදිප්ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now