ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය සඳහා වූ එන්නත්කරණය අත්හිටුවයි

Covid-19 Sri Lanka Corona Vaccine
By Thaya Apr 02, 2021 08:20 PM GMT
Thaya

Thaya

Report

ඉන්දීයාව විසින් ඔස්වර්ඩ්-ඇස්ට්‍රසෙනෙකා එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටු වීම හේතුවෙන් මෙරට කොරෝනා එන්නත්කරණය (31) දිනයේ සිට අත්හිටුවා ඇති බව වාර්තා වෙයි. ඔක්ස්වර්ඩ්-ඇස්ට්‍රසෙනෙකා එන්නත් ශ්‍රී ලංකාවට නැවත ලබා ගැනීමට මෙම මාසයේ අග වන විට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් ජනවාරි 29 වැනිදා සිට එන්නත් ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ලබා දීමට එන්නත් මාත්‍රා දෙලක්ෂ තිස්දහසක් (230,000ක්) පමණ ඉතිරි කරගෙන තිබෙන බවත් අමාත්‍යවරිය කියා සිටියාය.

මේ අතර ඔස්වර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත් ලබා ගැනීම සඳහා ඉන්දීයාවේ සීරම් ආයතනයෙන් කළ වීමසීම්වලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසා සිටියි. එන්නත් දොලොස් ලක්ෂ හැට හතර දහසක් (12,64,000ක්) මෙරටට ගෙන්වා තිබූ අතර ඉන් ලක්ෂ නවයකට වැඩි ප්‍රමාණයක් මේ වන විට භාවිත කර අවසන්ය. ඔක්ස්වර්ඩ් – ඇස්ට්‍රසෙනෙකා එන්නත් ගෙන ඒම සඳහා මෙරට බලය ලත් නියෝජිතයා වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වන අතර ඔවුන් එන්නත් ලක්ෂ 15ක් ලබා ගැනීම සඳහා ඉන්දියාවෙන් සීරම් ආයතනය සමඟ ගිවිසුම්ගතව ගෙවීම්ද කර ඇතැයි සඳහන්. ඉන් මෙතෙක් ලැබී ඇත්තතේ එන්නත් ලක්ෂ 05ක් පමණක් වන අතර පසුගිය මාසය තුළ තවත් එන්නත් ලක්ෂ 05ක් ගෙන ඒමට නියමිතව තිබුණු අතර තවමත් එම එන්නත් මෙරට ලැබී නොමැත