එන්නත් මිශ්‍ර කිරීම අනතුරු දායකයි

By Wasantha Jul 13, 2021 11:47 AM GMT
Wasantha

Wasantha

Report

විවිධ නිෂ්පාදකයන්ගේ ‘කොවිඩ්-19’ එන්නත් සැසඳීම සහ මිශ්‍ර කිරීම “භයානක ප්‍රවණතාවක්” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍ය ස්වාමිනාදන් ඉකුත් දා (12) පැවැසුවාය.

ගෝලීය ‘කොවිඩ්-19’ වසංගත තත්තත්වය සම්බන්ධයෙන් දින කිහිපයකට වරක් පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය එම කරුණු සඳහන් කළාය.

එන්නත් මිශ්‍ර කිරීමෙන් සහ සැසඳීමෙන් සිදුවන සෞඛ්‍ය බලපෑම සම්බන්ධයෙන් තවමත් ඇත්තේ සීමිත තොරතුරු ප්‍රමාණයක් බවත් එබැවින් විවිධ නිෂ්පාදකයන්ගේ ‘කොවිඩ්-19’ එන්නත් සැසඳීම සහ මිශ්‍ර කිරීම “භයානක ප්‍රවණතාවක්” බව ඇය පැවැසුවාය. “මේක තරමක භයානක ප්‍රවණතාවක්.

එන්නත් මිශ්‍ර කිරීම සහ සැසඳීම සම්බන්ධයෙන් අපි ඉන්නේ දත්ත සහ සාක්ෂිවලින් නිදහස් ලෝකයක. අපට ප්‍රමාණවත් තරම් දත්ත නැහැ” යැයි ඇය කීවාය. අන්තර්ජාලය ඔස්සේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. මේ අතර දෙවැනි, තෙවැනි සහ සිවුවැනි එන්නත් මාත්‍රා ගන්නේ කවදාද , කවුද යන්න පුරවැසියන් තීරණයට කිරීමට පටන් ගත්තොත් ව්‍යාකූල තත්ත්වයක් ඇති වනු ඇතැයි ද ඇය තවදුරටත් කීවාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now