පාස්කු ප‍්‍රහාරයට චෝදනා කරමින් ලාංකිකයන් තිදෙනෙකුට ඇමරිකාව එරට අධිකරණයේ නඩු පවරයි…

Lawsuit
By Thaya Jan 09, 2021 05:50 PM GMT
Report

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල කරන ලද ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට ඇමරිකානු අධිකරණයකින් අධිචෝදනා ගොනුකර තිබේ.

එම ප්‍රහාරය එල්ල කරන ලද ත්‍රස්ත කණ්ඩායම් වලට ආධාර අනුබල ලබා දුන්නේ යයි මොවුනට චෝදනා එල්ල කර ඇත.

එම සැකකරුවන් තිදෙනා ISIS සංවිධානය ආධාරකරුවන් යයිද අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

චූදිත සැකකරුවන් තිදෙනා අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ භාරයේ පසුවෙයි.