ඇමරිකානු තානාපතිනිය උතුරේ.. දෙමළ දේශපාලඥයින් කැදවයි…

Tamil US
By Thaya Feb 25, 2021 05:50 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිනිය ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ඇතුලු පිරිසක් උතුරු පලාතේ දෙදිනක සංචාරයක නිරත වූවාය. ඊයේ (23) දින සහ අද (24) දිනයන්හීදී වව්නියාව සහ යාපනයේ සංචාරය කෙරෙන අතර එහිදී ඊයේ දින පූණ්තොට්ටම් මහා විද්‍යාලයටත් අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේත් වැඩසටහන් වෙනුවෙන් ඇමරිකානු තානාපතිනිය සහභාගී වූවාය. වවුනියාව පූණ්තොට්ටම් මහා විද්‍යාලයේ ඇමරිකානු මූල්‍යාධාර මත ආරම්භ කොට ඇති සමාජ ඒකාග්‍රතාවය හා සංහිදියා ක්‍රියාකාරකම පිළිබඳව වූ පංති කාමරයේ අධ්‍යාපනික කටයුතු පිළිබඳව සොයා බැලීමට ඇමරිකානු තානාපතිනිය සහභාගී වූවාය.

අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර පහුසුකම් වෙුනවෙන් ඇමරිකානු මූල්‍යාධාර යටතේ පී.සී.ආර්. යන්ත්‍රයක්ද ප්‍රධානය කිරීම යාපනය විශ්වවිදයාලයේදී සිදු වූ අතර මෙම අවස්ථාවට යාපනය විශ්වවිිද්‍යාලයේ උපකුලපති ශ්‍රී සද්ගුණරාජා මහතා ඇතුලු පිරිසක් සහභාගී විය. මේ අතර අද (24) දිනයේදී යාපනයේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතියින් පිරිසක් මෙන්ම යාපනය මහනාගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතාද හමුවීමට නියමිතව ඇති බවට වාර් ථ වෙයි.