බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් ගෙන ඇති හදිසි තීරණය !!!!

Prison Inmates
By Thaya Jan 06, 2021 04:40 PM GMT
Thaya

Thaya

Report

සියළුම සිරකරුවන්ගේ ජායාරූප ලබා ගැනීමට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඊට ආසන්නතම හේතුව වූයේ මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් පසු එහි සිටි රැඳවියන්ගේ අනන්‍යතාව හෙලි කර ගැනීමේදී මතුවූ දුෂ්කරතාවයයි.

ඒ අනුව එම සිද්ධියද පාදක කර ගනිමින් සියළු රැඳවියන්ගේ ජායාරූප ලබා ගැනීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පැවසුවේ බන්ධනාගාර පද්ධතියේම වෙනසක් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බවයි.

සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ක‍්‍රියාවට නංවා බන්ධනාගාර තුළ සිටින රැුඳවියන් නිදහස් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පැවසුවා.ඒ, බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින්.

ජනාධිපතිවරයාගේ අනුමැතිය ලද වහාම එය ක‍්‍රියාවට නංවන බවයි ඔහු කියා සිටියේ.