උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

Cricket Upul Tharanga
By Thaya Feb 25, 2021 05:47 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණයකර තිබේ. 36 හැවිරිදි උපුල් තරංග සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය සමුගැනීම ප්‍රකාශයට පත්කර තිබුණි. 2005 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් උපුල් තරංග 2017 වසර දක්වා ටෙස්ට් තරග 31කට සහභාගී වෙමින් ලකුණු 1,754ක් රැස්කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් 2005 වසරේ සිට 2019 වසර දක්වා එක්දින ජාත්‍යන්තර තරග 235කට සහභාගී වෙමින් ලකුණු 6,951ක් ලබාගෙන ඇති උපුල් තරංග සහභාගී වී ඇති විස්සයි 20 ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 26කි. කෙසේවෙතත් 2019 වසරේ මාර්තු මාසයෙන් පසු උපුල් තරංග ට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි නොවීය.

ReeCha