වසර 25 කට පසු “උප්පුවේලිනගර කඩවත් සතර” ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට …

Sri Lanka
By Thaya Jan 17, 2021 08:16 PM GMT
Thaya

Thaya

Report

පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ ආරම්භයේ සිටම දමිළ ජාතික සන්ධානය බලය හිමි කරගෙන සිටි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ “උප්පුවේලිනගර කඩවත් සතර” ප්‍රාදේශීය සභාවේ පාලන බලය තහවුරු කර ගැනිමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමත් විය.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කඩවත් සතර ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ආර්.ඒ.ටී.එස්.ඩී.රත්නායක මහතා පසුගියදා පෙරවරුවේ (15) වැඩ භාර ගනු ලැබිය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතන 13 කින් සමන්විතව ඇති අතර “උප්පුවේලිනගර කඩවත් සතර” ප්‍රාදේශීය සභාව සඳහා හිමි මන්ත්‍රිධූර සංඛ්‍යාව 22 කි. 2018 පැවති පළාත් පාලන මැතිවරණයේදී දමිළ ජාතික සන්ධාන මන්ත්‍රිධූර 07 ක් ලබා ගනිමින් එහි බලය පිහිටුවන ලැබීය. ප්‍රාදේශීය සභාවේ පසුගිය වාර්ෂික අයවැය ලේඛනය දෙවරක් පරාජයට පත්වීම හේතුවෙන් දමිළ ජාතික සන්ධානයට සිය බලය අහිමි වූ අතර පසුගියදා පැවති ඡන්ද විමසීමේදි මන්ත්‍රීවරු බහුතරයකගේ ඡන්දය ලබා ගනිමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ආර්.ඒ.ටී.එස්.ඩී.රත්නායක මහතා සභාපති ධුරයට පත් විය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහෝදර පක්ෂ එකමුතුවෙන් ඡන්ද 12 ක් ලබාගත් අතර දමිළ සන්ධාන පාර්ශවයට ඡන්ද 10 ක් පමණක් හිමි විය.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු 05 දෙනා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කර මන්ත්‍රිවරු 02 ද, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර මන්ත්‍රිවරු 02 ද සිය ඡන්දය භාවිත කළ අතර ඊ.පි.ඩි.පි සංවිධානය, දමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය යන පක්ෂවලින් ප්‍රාදේශීය

සභාවට පත්ව සිටි මන්ත්‍රිවරු තිදෙනා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂව සිය ඡන්දය භාවිතා කළහ.