දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අඩු ආදායම්ලාභීන්ට සුබ ආරංචියක් - පවුල් 30,000කට රජයෙන් නිවාස

Report

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා විසින් රජයේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහනට රුපියල් මිලියන 44,000ක් වෙන් කර ඇති බව ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (06) දින කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලැන්වත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමේ අස්වැසුම ප්‍රතිලාභී නිවාස අහිමි පවුලකට "සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්" රන්විමන නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ නිවසක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ඒ අනුව ජාතික නිවාස වැඩසටහන යටතේ මෙම වසර තුළ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් 30,000කට නිවාස ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

එසේම ඔහු කියා සිටියේ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ඇතුළු රේඛීය අමාත්‍යාංශවල ඒකාබද්ධ වැඩසටහනක් වශයෙන් මෙම ජාතික නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව‍යි.

එසේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පමණක් මෙම වසර තුළ නිවාස 1,000කට අධික සංඛ්‍යාවක් ඉදිකිරීමට අපේක්ෂා කරන අතර, දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම ලෙස නිවාස තුන බැගින් ඉදිකිරීම එහි ඉලක්කය බවද ඔහු සඳහන් කළා.

එය නිවසක් ලබාදීමේ වැඩසටහනක් පමණක් නොව, අසල්වාසීන්, ඥාතීන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයෙන් ආදරය, දයාව සහ එකමුතුකම පිරි පවුල් ඒකකයක් ගොඩනැගීමේ සමාජීය වැඩසටහනක් බවද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්

අද සිට සියලුම රාජ්‍ය නිලධාරීන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සුබ පණිවුඩයක් - අතිවිශේෂ ගැසට් පත්‍රයකින් පිහිටවූ සභාවක්

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න