කොරෝනා හේතුවෙන් විශ්වවිද්‍යාලයක් වසාදමයි

Covid-19
By Thaya Jan 13, 2021 06:38 PM GMT
Report

කොරෝනා ආසාදිතයෙකු සොයා ගැනීමත් සමග අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය වසා දමා තිබෙනවා.

විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි යු.ඩි. දොඩම්වල මහතා සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇති බවයි.

ඒ අනුව විශ්ව විද්‍යාලය ලබන සඳුදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාල පරිශ්‍රය විෂබීජ හරණයට ලක්කිරීමට හා ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍ය අධිකාරිවරයාගේ ආශ්‍රිතයින් සෙවීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළා.