ධම්මික බණ්ඩාරට මැරයන් 100-200ක් සහිත පාතාලයක්..

Dhammika Bandara
By Thaya Jan 23, 2021 07:24 PM GMT
Report

හෙළ වෙදකමට මුවාවී පාතාලයක් කරගෙන යාමට ධම්මික බණ්ඩාර මහතාට ඉඩ දිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ධම්මික බණ්ඩාර මහතා විසින් පහර දුන් බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගන්නා ක්‍රියාමාර්ග සඳහා තම සංගමයේ සහයෝගය දෙන බව ද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

කෙසේ නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර සාධාරණයක් සිදුවිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

හෙළ වෙදකමට මුවාවී පාතාලයක් රන් කරවන්න ඉඩ දිය නොහැකි බවත් තමන් වටේ සීයක දෙසීයක මැර පිරිසක් සමඟ කටයුතු කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බව ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් අලුත්ගේ මහතා මෙම අදහස් පල කරන ලදී.