යුක්‍රේන සංචාරකයින් දළදා මාළිගාවට - හිමිනමකගෙන් විරෝධය

protest monk tourist Ukrainian
By Thaya Jan 13, 2021 05:29 PM GMT
Thaya

Thaya

Report

මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද(11) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය.

දැඩි පරීක්ෂාවකින් අනතුරුව එම සංචාරකයින් පිරිස දළදා මාලිගාවේ සංචාරය සඳහා එක්ව තිබේ.

ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණෙන දේශීය බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා යුක්‍රේන සංචාරකයින් වෙනම ස්ථානයකින් ප්‍රවේශවීමට පහසුකම් සලසා දී තිබු බව දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය පවසයි.

කෙසේවෙතත් සංචාරකයින්ගේ පැමිණීම හේතුවෙන් දේශීය බැතිමතුන් අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි පවසමින් පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන් සිය විරෝධය දැක්වීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“මේ ලංකාවේ කට්ටිය එතකොට මේ කට්ටිය කිසිම නිරෝධායන ඇඳුමක් නැහැ. මේ වටේ ඉන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ට මේ රෝගය හැඳුනොත් වගකියන්නේ කවුද ? දළඳා මාලිගාවට කැඳවන්නේ නැහැ කියලා කියපු වේලාවක් මේක. එතකොට මේ අය මල්වතු මහ විහාරයට, අස්ගිරි මහ විහාරයට සියල්ලටම බොරුකරලා මේ එක්කරන් යන්නේ. වාහනවල ඉන්න රියදුරන් ඉන්න විදිහ බලන්න. මේ අය කිව්වා ආරක්ෂක ඇඳුම් ඇඳගෙන ඉන්නේ කියලා ඒත් කිසිම දෙයක් නැහැ