උඩරට මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට - පැන්නද කියලත් සැකයක්
By Kaushi
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු අද (25) දින ජීවිතක්ෂයට පත්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරයි.
අඳාළ සිදුවීම නාවලපිටිය සෙන්බ්‍රිජ් ප්‍රදේශයේදි අද උදෑසන 9:00ට පමණ සිදුව ඇති බව වාර්තා වේ.
මේ අතර එම දුම්රියේ පසුපස මැදිරියකට මියගිය පුද්ගලයා ගැටී හෝ පැන ඇති බවට සැක කරන බව සඳහන්.
එමෙන්ම මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගත නොහැකි නිසා දුම්රිය ආරක්ෂක අංශ නිළධාරින් විසින් සිරුර නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත භාර දී ඇති බව ද දැනුම් දී ඇත.