යතුරුපැදිවලින් විනෝද චාරිකාවක ගිය තරුණයින් දෙදෙනෙක් ටිපර් රථයක ගැටී මියයයි

Accident
By Thaya Jan 31, 2021 06:04 PM GMT
Thaya

Thaya

Report

පුඩළුඔය- ගම්පොළ මාර්ගයේ නියන්ගන්දර ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවු රියඅනතුරකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද දහවල් සිදුව ඇති එම අනතුරින් බරපතළ තුවාල ලැබු තරුණයින් දෙදෙනා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි ව සිටි සඳරුවන් රණසිංහ හා එම්.ජී දිනේෂ් නැමති 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

තරුණයින් පිරිසක් යතුරුපැදි 5කින් විනෝද චාරිකාවක් යමින් සිටිය දී ඉන් එක් යතුරුපැදියක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය සිදුකළ මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඔවුන් විනෝද චාරිකාවේ යමින් සිටිය දී මිතුරන් සමග ගත් ඡායාරූපයක් මෙලෙස දැක්වේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි. පුඩළුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි