මෙරටට ආවේණික කෘමින්ගේ සාම්පල ළඟ තබාගෙන සිටි ඇමෙරිකා ජාතිකයින් ‍දෙදෙනෙකු අත්අඩංගුවට

Report

ශ්‍රී ලංකාවට ආවේණික කෘමි සතුන්ගේ සාම්පල ළඟ තබාගෙන සිටි ඇමෙරිකා ජාතිකයින් ‍දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ලෝකාන්ත ස්වභාවික මංපෙතට පිවිසෙන ස්ථානයේ සිදුකළ ගමන් මළු  පරීක්ෂාවේ දී ඇමෙරිකා ජාතිකයෙකු ළඟ තිබී රසායනද්‍රව්‍ය තුළ බහා තිබූ කෘමි සතුන්ගේ සාම්පල හා සතුන් අල්ලන උපකරණ කිහිපයක් හමුව ඇත.

එම ඇමෙරිකා ජාතිකයා සහ ඔහු සමග පැමිණ සිටි කාන්තාව නැවතී සිටි හෝටල් කාමරය පරීක්ෂා කිරීමේ දී මෙරටට ආවේණික තවත් කෘමි සතුන්ගේ සාම්පල 15ක් සහ රසායන ද්‍රව්‍ය හමුව තිබේ.

ඔවුන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විදෙස් ගමන් බලපත්‍ර අධිකරණ භාරයට ගෙන රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප මත නිදහස් කර තිබේ.

රාජ්‍ය සේවයට එන්න බලාගන ඉන්න ඔයාට සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න බලාගන ඉන්න ඔයාට සුබ ආරංචියක්

එම නඩුව යළි ලබන 26 වනදා කැඳවීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ භාරකරු සඳහන් කළේ වනජීවී භාරයට ගත් කෘමි සාම්පල 15ක් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට යවා වාර්තාවක් කැදවා එය නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

රට විරු පවුල්වලට කාර්යාංශයෙන් දීලා තියන ප්‍රතිලාභ

රට විරු පවුල්වලට කාර්යාංශයෙන් දීලා තියන ප්‍රතිලාභ