වැලිගම වෙරළ තීරයෙන් හමුවූ අමුතු මළ සිරුරු දෙක මෙන්න.

Weligama Beach
By Thaya Mar 29, 2021 07:13 PM GMT
Report

වැලිගම මුහුදු වෙරළේ තිබී මියගිය කැස්බෑවන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා. මෙම කැස්බෑ සිරුරු හමුවී තිබුණේ වැලිගම මුහුදු වෙරළේ ගංදූව දූපතට ඉදිරියෙන් වූ ප්‍රදේශයේදී.

මේ පිළිබඳව වන ජීවී නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් පැමිණ සිරුර පරීක්ෂා කිරීම සිදු කර තිබෙනවා. වන ජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ බිත්තර දැමීමට පැමිණි කැස්බෑවුන් දෙදෙනෙකු මසුල් අල්ලන දැල්වල පැටලී මියගොස් ඇති බවයි.

මියගොස් සිටි කැස්බෑවුන්ගේ උදරය පැලී බිත්තර පිටතට ද පැමිණ තිබු අතර වන ජීවී නිලධාරීන් විසින් කැස්බෑ සිරුරු දෙක වැලිගම මුහුදු වෙරළේදීම වල දමා තිබෙනවා.


Gallery