මාස දෙකක බිලිදෙක් පුච්චලා.. මගේ හද කකියනවා..- වැලිගම නගරාධිපති

Covid-19
By Thaya Jan 17, 2021 08:17 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා ආසාදනය වී මිය ගිය මාස දෙකක් වයසැති බිලිදියක් ආදාහනය කර ඇතැයි වැලිගම නගරාධිපතිවරයා සඳහන් කරයි.

ඔහු ට්විටර් සටහනකින් පවසන්නේ මෙය තම හද කම්පා කරන පුවතක් බවය.

එම සිරුර භූමදානය කිරීමට ඉඩ ලබාදීමට අපොහොසත් වීම ගැන තමන් කණගාටුවන බවද එම පණිවිඩයේ දැක්වෙයි.

තමන් වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් භූමදානයට ඉඩදිය හැකි ක්‍රමයක් නැති බවත් ඔහු පැවසූ බවද නගරාධිපතිවරයාගේ සටහනේ තවදුරටත් දැක්වේ.