රබර් වත්තක පැවැති මත්පැන් නිෂ්පාදනාගාර 2 ක් කොටුවෙයි?
කෑගල්ල දේවාලේගම ප්‍රදේශයේ මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ දෙකක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු අද (05)අළුයම මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මිලිලීටර් 6000 ක් ,බැරල් 2 ක් ,දගර 2 ක් තිබු අතර ගෝඩා ලීටර් 400 ක් පමණ විනාස කළ බව මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නාලක මලවි පතිරණ මහතා පවසයි.
සැකකරුවන් දේවාලේගම ප්‍රදේශයේ රබර් වත්තක් ආශ්‍රිතව ගලා බසිනා ඇලමාර්ගයක් උපයෝගී කරගෙන මත්පැන් නිෂ්පාදනාගාර දෙක ඉතා රහසිගතව පවත්වගෙන ගොස් තිබේ. නිෂ්පාදිත මත්පැන් කෑගල්ල නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවලට බෙදාහැර ඇතැයිද සුරාබදු නිළධාරීන් අනාවරනය කරගෙන තිබේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් මේමස 29 වැනිදින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිිපත් කිරීමට නියමිතය.
මධ්‍යම පලාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර ,සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත, මධ්‍යම පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නාලක මලවි පතිරණ ,පරීක්ෂක අනුර අලුත්ගේ ,නියාමක වරුන්වන 1053 සංඛ ,1055 උදාර ,රියදුරු බණ්ඩාර යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.

