මාරාන්තික උණ රෝග දෙකක් මෙරටින් හිස ඔසවයි...දින 07ක් තුළ 305ක්.

Sri Lanka Fever
By Thaya Feb 08, 2021 05:02 PM GMT
Report

පෙබරවාරි මාසයේ ගතවූ දින 7දී ඩෙංගු රෝගීන් 305ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 210ක්. පසුගිය ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 1306ක් වාර්තා වූ අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 1004කි. ඒ අනුව මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1214ක් වාර්තා වී තිබේ. එසේම පෙබරවාරි මාසයේ ගතවූ දින 7දී මී උණ රෝගීන් 65ක් වාරිතා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.