මුඛ ආවරණ නැතිව පොදු ස්ථානවල සැරිසරමින් සිටි කොරෝනා රෝගීන් 02ක් හදුනා ගනී.

Covid-19 Police Ajith Rohana
By Thaya Jan 07, 2021 10:10 PM GMT
Report

බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ නොපැළඳ පොදු ස්ථානවල සැරිසරමින් සිටි තවත් ආසාදිතයින් දෙදෙනෙකු ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ ඊයේ (06) දිනයේ සිදුකෙරුණු මෙහෙයුම්වලදීයි.

බස්නාහිර පළාත තුළ පොදු ස්ථානවල දී ඊයේ දින මුඛ ආවරණ නොපැළඳ සිටි සහ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට පියවර නොගත් 523 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 252ක් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර එම ආසාදිතයින් දෙදෙනා හඳුනාගෙන තිබේ.

තවත් 271 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට නියමිතයි.

පෙරේදා (05) දිනයේද බස්නාහිර පළාතේ ඒ ආකාරයෙන් 510 කු සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල ද ලැබීමට නියමිතයි.

මේ අතර ඊයේ දිනයේ වැඩිම පිරිසක් පරීක්ෂාවට ලක්කර තිබුණේ කළුතර දිස්ත්‍රික්කයෙනි.

අද (07) දිනයේද මෙම මෙහෙයුම් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.