ප්‍රමිතියෙන් තොර බවට සැක පොල් තෙල් බවුසර් 2ක් සොයාගනියි

Coconut Oil
By Thaya Mar 30, 2021 06:50 PM GMT
Report

ප්‍රමිතියෙන් තොර බවට සැක කරන පොල් තෙල් අඩංගු බවුසර් 2ක් සොයා ගෙන තිබෙනවා. ඒ, දංකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදීයී. අදාළ බවුසර්වල තිබී පොල් තෙල් ලීටර් 55,000ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. එම පොල් තෙල් ප්‍රමිතියෙන් තොර, ප්‍රතිඅපනයනයට දැනුම් දුන් පොල් තෙල්වලින් කොටසක් ද යන්න විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවා. ඒ පිළිබඳ ශ්‍රී ලංකා රේගුව සමග ඉදිරි විමර්ශන සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.