රිය අනතුරට ලක්වූ අවුරුදු 23 මව රෝහලට රැගෙන යන අතරේ ඇයව දූෂණය කළ ත්‍රීරෝද රථ රියදුරා
අමනුෂ්‍යයකු විසින් විපතකට පත් තරුණ කාන්තාවක් දූෂණයට ලක්කරමින් කළ අහස-පොළොව නුහුළන අපරාධයක කතාන්දරයයි. සෙව්වන්දි 23 හැවිරිදි කාන්තාවකි. වාද්දුවේ පෞද්ගලික ආයතනයක සේවය කළ ඇය 26 හැවිරිදි සමන් හා විවාහ වී සිටියාය. දෙදෙනාට දාව කුඩා දියණියක් සහ පුතෙක් ද වූහ. කළුතර නාගස්හන්දියේ හොරණ පාරේ මඳ දුරකින් වූ ජාවත්ත වත්තෙ වෙන්දේසි ඉඩම්හි ඔවුහු පදිංචිව සිටියහ.දිනය පසුගිය 27 වැනිදායි. සෙව්වන්දි සුපුරුදු පරිදි වාද්දුවේ සේවා ස්ථානයේ සේවය කොට වාද්දුවේ සිට මගී බස් රථයකින් පැමිණ කළුතර - ගාලු පාරේ නාගස්හන්දියෙන් බැස හොරණ මාර්ගයේ පා ගමනින් නිවෙසට යමින් සිටියාය.
හරියටම වේලාව රාත්‍රී 7.45 ට පමණ විය. විදුලි වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි සෙව්වන්දිද හප්පාගෙන නොනවත්වා ධාවනය කෙරිණි.
ඒ වන විට අවට මිනිස් පුලුටක් නොවීය. රාත්‍රී 9.10ට පමණ විය. පළාතම ගණ අන්ධකාරයෙන් ඇළලී තිබිණි. තරුණයා දිගින් දිගටම කාන්තාවගෙන් අසවල් දෙය මට දියව් කියමින් දැඩි ස්වරයෙන් කෑගසන්නට වීමත් සමඟ ඇය කිසිවකට එකඟ නොවෙමින් ඔහු සමඟ ගැටුමකට මුල පිරීය.