ටියුෂන් පන්ති නියාමනය කෙරේ.? - කෝටි විසිදාහේ ටියුෂන් ආදායම නැත්තටම නැති වෙයිද?

Ministry of Education Education School Children
By Wayomi Jun 26, 2024 01:44 PM GMT
Wayomi

Wayomi

Report

ලංකවේ උපකාරක පංති කාර්මාන්තය නියාමනය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ප්‍රකාශ කරනවා.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.


ඔහු එලෙස අවධාරණය කර සිටියේ, එම කර්මාන්තය හරහා දෙමාපියන්ගේ රුපියල් බිලියන 200ක පමණ මුදලක් සංසරණය වන බවයි.

අද දිනයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල විනිමය අනුපාත. - මහා බැංකුව නිකුත් කළ වාර්තාව මෙන්න.

අද දිනයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල විනිමය අනුපාත. - මහා බැංකුව නිකුත් කළ වාර්තාව මෙන්න.


ඒ, අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වී මෙම උපකාරක පංති නියාමනය කළ යුතු බවත්, විශේෂයෙන්ම පවතින තත්ත්වය ගැන පුළුල් අධ්‍යයනයක් සිදුකර දෙමාපියන් උපකාරක පන්ති වෙනුවෙන් දරණ වියදම පිළිබඳ නිසි අවබෝධයක් මෙන්ම දරුවන් උපකාරක පන්තිවලට සහභාගී වෙන්නේ ඇයි ද යන කාරණා පිළිබඳ සොයාබැලිය යුතු බවත්, ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"

මොකක්ද මේ වෙන්න යන්නේ? "ජනාධිපතිවරණයට එන්න මාව පාවිච්චි කරන හැටි...මගෙ කට අරින්නේ ලබන සතියෙ සුදු තාත්ති"


"අද වෙනකොට පවත්නා තරගකාරී විභාග ක්‍රමය නිසා දෙමාපියන් විශාල මුදලක් වියදම් කරලා, ළමයින්ව උපකාරක පන්තිවලට යොමුකරනවා. විශේෂයෙන් 3,4,5 යන පන්තිවලත් 10,11 යන පන්තිවල හා 12,13 යන පන්තිවල ළමුන් විශාල ප්‍රමාණයක් උපකාරක පන්ති එකකට හෝ කිහිපයකට සහභාගී වෙනවා. මෙහි සමස්ත වෙළෙඳ පොළ වටිනාකම බලද්දි වාර්ෂිකව රුපියල් බිලියන 200ක විතර මුදල් හුවමාරුවක් මේ තුළ සිදුවෙනවා. මේ උපකාරක පන්ති නියාමනයක් මේ වෙද්දි සිද්ධ වෙන්නේ නෑ. උපකාරක පන්ති නියාමනයක් සිදුකර බදු දැලට යටත්වීමක් සිදුවිය යුතුයි. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් මේ වෙලාවේ අවශ්‍යයි. නොමැති නම් පාසල් අධ්‍යාපනය බිඳවැටී උපකාරක පන්තිවල ගොඳුරක් බවට පාසල් අධ්‍යාපනය පත්විය හැකියි."

"අදාළ විෂයන් ෆේල් වුණ අයත් උපකාරක පන්තිවලට ඇවිත් උගන්වන තත්ත්වයට පත්වෙලා. ඒ අයගේ සුදුසුකම් යම් ආකාරයට සොයාබැලිය යුතුයි. යම් නියාමනයක් සිදුවිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ පෞද්ගලික අධ්‍යාපනයත් ඇතුළත් විය යුතුයි. රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පමණක් අපට හැකියාව ලැබෙන්නේ නෑ රටේ උපකාරක පන්ති ක්‍රියාවලියේ වෙනසක් වෙයි කියලා. මේ උපකාරක පන්ති පවත්වන ගුරුවරු කොහේ හරි ලියාපදිංචි විය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ ගැන ලොකු කාර්යභාරයක් තියෙනවා." 

මුහුදු රළ ඉහළට .- දැඩි අනතුරු ඇඟවීම්. - රතු සහ ඇම්බර් නිවේදන නිකුත් කරයි. - ලංකාවේ මේ තැන් වල නම් ඉන්නේ පරිස්සමෙන්.

මුහුදු රළ ඉහළට .- දැඩි අනතුරු ඇඟවීම්. - රතු සහ ඇම්බර් නිවේදන නිකුත් කරයි. - ලංකාවේ මේ තැන් වල නම් ඉන්නේ පරිස්සමෙන්.



ReeCha