එක නැවකට හරි අත තිබ්බොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Report

හෝමූස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින අමෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කර දමන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

විදෙස් මාධ්‍ය නාලිකාවක් සමඟ පැවැති දුරකතන සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ඉරාන සාකච්ඡාකරුවන් පෙරට වඩා නම්‍යශීලී වී ඇති බව පෙනෙන්නට තිබුණද, තමා ඉදිරියේ දැනට විකල්ප දෙකක් පවතින බවයි.

එනම් අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූ නව ගිවිසුමකට එළඹීම හෝ යළිත් වරක් දැවැන්ත හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමයි.

මූල්‍ය ආයෝජනවලින් ලාභ පිට ලාභ ලැබෙන අත ගහන ගහන වැඩේ සාර්ථකවෙන අද ලග්න පලාපල

මූල්‍ය ආයෝජනවලින් ලාභ පිට ලාභ ලැබෙන අත ගහන ගහන වැඩේ සාර්ථකවෙන අද ලග්න පලාපල

මීට පෙරද සම්පූර්ණ ශිෂ්ටාචාරයක් විනාශ කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කර තිබූ ට්‍රම්ප්, මෑතකදී හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ යාත්‍රාවලට ඉරානය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරාන බෝට්ටු හතක් අමෙරිකානු හමුදාව විසින් විනාශ කළ බව සිය 'ටෘත් සෝෂල්' (Truth Social) ගිණුමේ සටහන් කර තිබුණි.

මෙම වෙඩි හුවමාරුවත් සමඟ දෙපාර්ශ්වය අතර පවතින සටන් විරාමය මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අද දවසේ කාලගුණයේ වෙනසක් - මේ ප්‍රදේශවලට වැසි

අද දවසේ කාලගුණයේ වෙනසක් - මේ ප්‍රදේශවලට වැසි