ට්‍රම්ප් හා ගැටෙන මෝදී - ඉන්දියාවේ සහයට රුසියාව

Report

රුසියානු තෙල් විශාල වශයෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට නැවතත් දැඩි අනතුරු ඇඟවීමක් කළේය.

දුම්රිය වැසිකිළියේ තිබූ බිළිදු මළසිරුරට මොකද වෙන්නේ? මෙන්න විස්තරේ

දුම්රිය වැසිකිළියේ තිබූ බිළිදු මළසිරුරට මොකද වෙන්නේ? මෙන්න විස්තරේ

ඔහුගේ Truth Social ගිණුමේ දී අද (04) පළ කළ සටහනකින්, ඉන්දියාව රුසියාවෙන් තෙල් විශාල ලෙස මිලදී ගැනීම පමණක් නොව එම තෙල් විවෘත වෙළඳපොළේදී විශාල ලාභයකට විකුණුමින් සිටින බවට ඔහු චෝදනා කළේය.

"අම්මෝ එයාගේ ඇස් එයාගේ තොල්" ප්‍රසිද්ධ මාධ්‍යයේ ට්‍රම්ප් කියපු කැත කතාව

"අම්මෝ එයාගේ ඇස් එයාගේ තොල්" ප්‍රසිද්ධ මාධ්‍යයේ ට්‍රම්ප් කියපු කැත කතාව

තවද, යුක්‍රේනයේ සිදුවන මරණ සංඛ්‍යාව ගැන ඉන්දියාවට කිසිදු සැලකිල්ලක් නොමැති බවත්, මෙවැනි හැසිරීම හේතුවෙන් ඉන්දියාවට පනවන තීරු බදු සැලකිය යුතු ලෙස වැඩි කිරීම සඳහා තමන් කටයුතු කරන බවත් ට්‍රම්ප් සටහන් කර තිබේ.

දහදෙනෙක් වටවෙලා කඩු පොලු වලින් පොලිස් නිලධාරියාට ගහලා

දහදෙනෙක් වටවෙලා කඩු පොලු වලින් පොලිස් නිලධාරියාට ගහලා

මෙම ප්‍රකාශය එල්ල වී ඇත්තේ ට්‍රම්ප් විසින් ඉන්දීය ආනයන භාණ්ඩ සඳහා 25%ක බද්දක් පනවන බවට කලින් දින කිහිපයකට පෙර නිකුත් කළ නිවේදනයකට පසුවය.

එහෙත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, රුසියානු තෙල් ආනයනය නතර කිරීමට ඉන්දීය තෙල් සමාගම් කිසිසේත් සූදානම් නොවන බවයි.

තවද, ට්‍රම්ප්ගේ තර්ජනය නොතකා ඉන්දියාව අඛණ්ඩව තෙල් මිලදී ගැනීම සිදුකරන බවද ඔවුන් සඳහන් කරයි.