ට්‍රම්ප් BBCට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරන්න යයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, BBC නාලිකාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව යළි ප්‍රකාශ කර ඇත.
තම ගුවන් යානයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, BBC විසින් වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ලබන සතියේ ඩොලර් බිලියන 1 සිට 5 දක්වා මුදලක් ඉල්ලා නඩු පවරන බවයි.
මීට පෙර මේ සතිය මුලදී ට්‍රම්ප් පැවසුවේ, BBC විසින් ප්‍රකාශය ඉල්ලා අස්කර ගෙන, සමාව ඉල්ලා වන්දි ගෙවීමක් නොකළහොත් ඩොලර් බිලියන 1ක වන්දියක් ඉල්ලා නඩු පවරන බවයි. ඒ අනුව BBC, තම නිල වෙබ් අඩවියේ “නිවැරදි කිරීම් සහ පැහැදිලි කිරීම්” කොටසේ සටහනක් තබමින් ට්‍රම්ප්ගෙන් සමාව ඉල්ලා තිබුණි.
එම සටහනේ දැක්වෙන්නේ, “පැනොරාමා” වැඩසටහනේදී ට්‍රම්ප් තම පාක්ෂිකයින්ට “ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නැයි” සෘජු ඉල්ලීමක් කළ බවට “වැරදි හැඟීමක්” ඇති කළ බවත්, එම වැඩසටහන නැවත විකාශය නොකරන බවත්ය. කෙසේ නමුත්, වන්දි ගෙවීම BBC ප්‍රතික්ෂේප කර ඇත.
මෙම චෝදනාව මුල් වූයේ 2021දී ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක් විකෘති ලෙස සංස්කරණය කර 2024දී විකාශය කිරීමෙනි. මෙම සිදුවීම හේතුවෙන් BBC අධ්‍යක්ෂ ජෙනරාල් සහ පුවත් අංශ ප්‍රධානී තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත.