ඉරානයේ නව නායකයාට ට්‍රම්ප්ගෙන් මරණ තර්ජන - පියාට අත්වුණ ඉරණමම පුතාටත් අත්වෙන බවට අනතුරු අඟවයි

Report

ඉරානයේ නව උත්තරීතර නායකයා වශයෙන් ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ​දෙවැනි පුත්‍රයා වන මොජ්තාබා කමේනි තෝරා ගැනීමට ඉරානය තීරණය කිරීම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විරෝධයට හේතුවක් වී තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකන් ජනාධිපතිවරයා කියා ඇත්තේ ඉරානයේ නව උත්තරීතර නායකයා පත් විය යුත්තේ තම අභිමතය පරිදි බවත්, මොජ්තාබා කමේනි​ට වැඩිකල් එම ධුරයේ රැඳී සිටීමට නොහැකි වනු ඇති බවත්ය.

එසේම පියා අයතුල්ලා අලි කමේනීට අත්වුණු ඉරණම ඔහුට ද අත්වනු ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ඉරානයේ නව ශ්‍රේෂ්ඨ නායකයා පත්වේ

ඉරානයේ නව ශ්‍රේෂ්ඨ නායකයා පත්වේ

56 හැවිරිදි මොජ්තාබා කමේනි​, එරට උත්තරීතර නායකයා වශයෙන් පත් කර ගැනීම සිදුවූයේ ඉරානයේ විශේෂඥ සභාවේ පූජකවරුන් 88 දෙනා රැස්වී ඡන්දය පළ කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ඉරාන රජයේ හමුදාව සහ ඉරාන ඉස්ලාමීය පාලනයට හිතවත් විප්ලවීය හමුදාව මෙන්ම ඉරාන පොලිසිය ද ප්‍රතිඥා දී ඇත්තේ තමන් නව උත්තරීතර නායකයා වශයෙන් තේරී පත් වුණු මොජ්තාබා කමේනි​ ට සහාය දක්වන බවටයි.

බහරේනය යුධ පිටියක් වෙයි - කරපු විනාසෙන් 32දෙනෙකුට තුවාල - මාස දෙකේ බිළිඳෙකුත් ඒ අතර

බහරේනය යුධ පිටියක් වෙයි - කරපු විනාසෙන් 32දෙනෙකුට තුවාල - මාස දෙකේ බිළිඳෙකුත් ඒ අතර

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි