කොරෝනා එන්නත පිලිබඳ සත්‍ය හා මිත්‍යා මතයන්...අනිවාර්යයෙන් බලන්න
මෙරට භාවිතා කරනු ලබන ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් වන වගකීම ජාතික ඖෂධ නියාමනය දරන බවත් මෙම එන්නත භාවිතා කිරීමෙන් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බව එම අධිකාරියේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය අසිත ද සිල්වා පවසනවා. මේ දක්වා වැඩියෙන්ම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදී ඇත්තේ ළදරුවන්ට බවත් එසේ එන්නත් ලබාදීමෙන් පසු ඇතිවන උණ, හන්දිපත් වේදනාව, හිසරදය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් කොවිඩ් එන්නත ලබාදීමෙන් පසුවද පැය 24-48ක් වැනි කාලයක් තුලදී ඇතිවන එවැනි අතුරු ආබාධ සඳහා පැරසිටමෝල් ලබාදීමෙන් එය මගහරවා ගත හැකි බවයි මහාචාර්ය නිලීකා මලවිගේ ප්‍රකාශ කර සිටියේ.
යම් අයෙකුට එන්නත ලබාදීමෙන් පසු පැය 48 කට වඩා පවතී නම් රජයේ රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගැනීම සුදුසු බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ.
මන්ද මේ දිනවල රටේ බොහෝ ප්‍රදේශවල මී උණ සහ ඩෙංගු උණ රෝගයේ ව්‍යාප්තිය ඇතිවීම බවයි විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ.
කොවිඩ් වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවය අඩුවීම සහ වෛරසය ආසාදනය වීමෙන් පසු එය බරපතල තත්ත්වයට පත්වීමේ අවධානම මෙම එන්නත ලබාගැනීමෙන් පසු අවම බවට විදේශ රටවල සිදුකළ වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරු වී ඇති බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය අසිත ද සිල්වා සඳහන් කලේ.
එමෙන්ම මෙම එන්නත ආසාත්මික තත්ත්වයන් ඇතිවන පුද්ගලයින්ට වුවද ලබාදීමට හැකියාව ඇති බවයි මහාචාර්ය නිලිකා මලවිගේ පැවසුවේ. විශේෂයෙන් දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ ස්වශන පද්ධතියේ රෝග ඇති පුද්ගලයින්ට වුවද මෙම එන්නත ලබාදීම සුදුසු බවයි ජේෂ්ඨ මහාචාර්ය අසිත ද සිල්වා සඳහන් කර සිටියේ.
කොවිඩ් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ පවතින විවිධ ප්‍රචාරණයන් සම්බන්ධයෙන් ඔබත් යම් ගැටළුකාරී තත්ත්වයක පසුවන්නේද ? ඒ සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු පහතින් දැක්වේ...