හෙට සිට සංචාරක සීමා වලට අදාළ නිර්ණායක

covid 19 travel restrictions corona virus sri lanka covid 19 travel restrictions
By Sithumi May 16, 2021 12:11 PM GMT
Sithumi

Sithumi

Report
හෙට 17 සඳුදා සිට

දැනට ක්‍රියාත්මක වන ගමන් තහනම අලුයම 4.00 ට ඉවත් කෙරේ.

මැයි 31 වන දින දක්වා දිනපතා රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා ගමන් තහනම් පනවනු ලැබේ.

 දැනට ක්‍රියාත්මක වන අන්තර් පළාත් සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

 රැකියාව සඳහා පිටත්ව යන අය හැර සෙසු අයට තම නිවෙස්වලින් පිටව යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම් මත පදනම්ව පමණි. ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම් 1,3,5,7,9 නම්, කෙනෙකුට නිවසින් පිටවිය හැක්කේ ඔත්තේ දිනවල පමණි. ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම්  0 ද ඇතුළුව් ,2,4,6,8  ඉරට්ටේ  සංඛ්‍යාවක් නම්, කෙනෙකුට ඉරට්ටේ දිනවලදී තම නිවෙස් අතහැර යා හැකිය.

උදා: හෙට (17) ඔත්තේ දිනයක් බැවින්, ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම් ලෙස ඔත්තේ අංකයක් ඇති අයට පමණක් තම නිවෙසෙන් බැහැරව යාමට අවසර ඇත. නිල වැඩ කටයුතු සඳහා පිටත්ව යන අයට මෙම තහනම අදාළ නොවේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now