පිට පළාත්වල සිට විශේෂ දුම්රිය 05ක් හෙට සිට කොළඹට
colombo
train
Transport
By Sithumi
පිට පළාත් වල සිට විශේෂ දුම්රිය 05 ක් හෙට සිට ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
පළාත් අතර සංචරණ සීමා පැනවුව ද රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය රාජකාරි වෙනුවෙන් කොළඹට පැමිණෙන මගීන් සදහා පමණක් මෙම දුම්රිය ධාවනයට එක් කර ඇති බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන ගාමිණී සෙනෙවිරත්න සඳහන් කළේ
හෙට සිට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය සේවකයින් වෙනුවෙන් ලංගම බස් ධාවනයට එක්කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක සඳහන් කළේ.