සංචාරකයන් සෞඛ්‍ය නීති රකින්නේ නෑ.. මෙරට ජනතාවට රකින්න කියන්න අපට බෑ.. PHIලා වර්ජනයක් කැදවයි..

Tourists follow health rules phi
By Thaya Jan 12, 2021 07:45 PM GMT
Report

මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් සෞඛ්‍ය උපදෙස් අනුව සංචාරය කිරීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සඳහන් කරයි.

එසේ නොකළ හොත් ඉදිරි දෙසතිය රට පුරා කොරෝනා පාලන කටයුතු වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

සෞඛ්‍ය උපදෙස් නොපිළිපදමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අදීක්‍ෂණයකින් තොරව මෙරටට එන විදේශීය සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

එවන් වටපිටාවක මෙරට ජනතාවට නිරෝධායන නීතිය රකින්නැයි උපදෙස් දීමට නොහැකි බවද ඔහු තවදුරටත් පැවසීය