ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් තිබිය යුතුයි – විදුලිබල ඇමති

tolerate
By Thaya Jan 12, 2021 11:34 PM GMT
Thaya

Thaya

Report

ප්‍රතිවාදියාගේ මතය ඉවසීමට විනයක් තිබිය යුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

මාතර ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මාතර, මොරවක ප්‍රදේශයේ දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගනයක ආලෝක පද්ධතිය විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් විවෘත කර තිබේ. එහි ප්‍රදර්ශන තරගය පැවැත්වෙන අතරතුර හදිසියේ විදුලිය විසන්ධි වීමක් සිදුවිය.

එහිදී අමාත්‍යවරයා අදහස් දක්වමින් පවසා සිටියේ, “ඩලස් ගාලා ගියා කියලා හිතුවේ ගිය වේගයෙන්ම ඩලස් ගාලා ආපහු කරන්ට් එක ආවා.“ යනුවෙනි.

“පාර්ලිමේන්තුව ලෙස බලා ඉන්නකොට මොකද්ද අපිට පේන්නේ. තමන්ගේ ප්‍රතිවාදයාගේ මතය කොයි තරම් ඉවසනවා ද? විපක්ෂය, ආණ්ඩු පක්ෂයේ පසමිතුරු කණ්ඩායමේ මන්ත්‍රීවරයාට ආමන්ත්‍රණය කරන්නේ කොහොම ද? කැලේ ඉන්න හැම සතාගේම නම් කියලා බනිනවා. සිංහයාගේ ඇරෙන්න හැම සතාගේම කියනවා. උඹ සිංහයා කියලා කියන්න බෑනේ. එහෙම චරිත ඝාතනය කරන මොන පක්ෂයක මොන මන්ත්‍රී දිහා බැලුවත් ඒකටත් මහා පොදු සාධකයක් තියෙනවා. ඒ කවුරුවත් තමන්ගේ පාසල් ජීවිතේ දී වත් ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙක් වෙලා ඉදලා නෑ. මේක විඳගන්න බෑ. ඔරොත්තු දෙන්නේ නෑ.“