අද කොවිඩ් මරණ ගණන 210 ඉක්මවයි

covid deaths 210
By Thaya Jan 02, 2021 09:24 PM GMT
Thaya

Thaya

Report

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 211ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාවක්, අනන්‍යතාවය තහවුරු කර නොමැති අවුරුදු 70ත් 80ත් අතර වයසැති මරදාන පොලිස් වසමෙන් හඳුනාගත් පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.