ජාත්‍යන්තරය කළඹන රත්තරන් එක්ක ලංකාවේ රන් මිලෙත් පෙරළියක් - අද මිල ගණන් මෙන්න
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ආර්ථික පීඩනයන් සහ මැදපෙරදිග දී පවතින යුදමය තත්ත්වය හමුවේ ඊයේ (07)දින රන් සහ රිදී මිල සැලකිය යුතු ආකාරයට ඉහළ යාමත් සමඟ මෙරට රන් වෙළඳපොළ ද උණුසුම් විය.
ඒ අනුව අද දින රන් මිල ගණන් සම්බන්ධයෙන් උනන්දුවෙන් පසුවන පාර්භෝගිකයන්ට පහතින් ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් දක්වා ඇත.
ඒ අනුව අද(08) දින,
රන් අවුන්සයක මිල රුපියල් 1,397,610ක්
කැරට් 22ක පවුමක මිල රුපියල් 361,550ක්
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 49,300ක්
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 45,200ක් සහ රුපියල් 43,140ක් ලෙස සටහන් වේ.
කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාවචනය වුඅ හැකි බැවින් මිල දී ගැනීමට පෙර පරික්ෂා කර බැලීම සුදුසු වේ.