වාහන වල ටයර් පරික්ෂාව හදිසියේ තහනම් කෙරේ...රජයෙන් විශේෂ දැනුම් දීමක්.
ගෙවීගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවා තිබේ. අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “පෞද්ගලික අංශය රාජ්‍ය අංශය කියලා නෑ. ටයර් ගෙවෙනවා නම් හැමෝගෙම ගෙවෙනවා. නමුත් ටයර් ලබාදීම සහ රජයේ අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් සමීක්ෂණයක් කරලා අවශ්‍ය ටයර් ගෙන්වීමට කටයුතු කරනවා. ඒ වගේම නීතිමය තත්ත්වය පරීක්ෂා කිරීම හා දඬුවම් කිරීම තාවකාලිව අත්හිටුවා තිබෙනවා. “
රථ වාහනවල ටයර් නිසි තත්ත්වයෙන් පවතින්නේදැයි සොයා බැලීම සඳහා පොලීසිය විසින් පසුගිය මාර්තු 22 වන දින සිට මෙහෙයුමක් ආරම්භ කළේය. ඒ අනුව, දිවයිනේ ස්ථාන කිහිපයකම රථවාහන, පොලිසිය විසින් පරීක්ෂා කෙරුණු අයුරු දක්නට ලැබුණි. නමුත් විශේෂයෙන් ම රියැදුරන් පැවසුවේ ආදායම් අහිමිව ඔවුන් ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අවස්ථාවක පොලීසිය හරහා ඔවුන්ට දඩ පත්‍ර නිකුත් කිරීම අසාධාරණ බවය. කෙසේවෙතත් ටයර් ආනයනයට රජය සීමා පැනවීමත් සමග වෙළෙඳපොළේ ටයර්වල මිල වැඩිවීමක් සහ හිඟයක් මේ වනවිට වාර්තා වේ.