තිලකරත්න ඩිල්ෂාන්ට හදිසියේම ස්කෑන් පරීක්ෂණයක් සිදු කරයි
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ශාන් ගේ කලවයේ ආබාධයක් ඇතිවීම හේතුවෙන් අද දිනයේදී ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී MRI ස්කෑන් පරීක්ෂණයකට ලක්ව තිබෙනවා. මිට දින දෙකකට පෙර අවසන් වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලිය පුරාවට තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩා කර ඇත්තේ ආබාධය සහිතව බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙට් සඳහන් කලේ තරගාවලියේ පළමු තරගයේදී තිලරත්න ඩිල්ෂාන් කලවයේ මස් පිඩු ඉරිමකට ලක්වීම හේතුවෙන් ආබාධයකට ලක්වූ බවයි. වෛද්‍යවරුන් විසින් ඔහු පරික්ෂාවට ලක් කර බවත් එහිදී එය පළමු අදියරේ ආබාධයක් ලෙස හදුනා ගෙන තිබු බවයි සඳහන් කලේ.
ඩිල්ෂාන් තමන්ගේ ආබාධය සහිතව වුවද තරගාවලිය පුරාවට වේදනා නාශක ඖෂධ සහ ඉන්ජෙක්ෂන් ලබාගනිමින් ක්‍රීඩා කළ බවත් මේ වන විට ඔහුගේ ආබාධය තෙවන අදියරේ මස් පිඩු ඉරීමක් දක්වා වර්ධනය වී ඇති බවද සඳහන් කර සිටියා. ඩිල්ෂාන් ගේ කලවයේ අඟල් 4 ක ඉරීමක් ඇතිව තිබීම නිසා අභ්‍යන්තරව ලේ ගැලීමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමනාකරු සඳහන් කළේ. තිලකරත්න ඩිල්ෂාන් අද රාත්‍රියේ ඕස්ට්‍රේලියාවට පිටත්ව යාමට නියමිතව තිබෙනවා.