අ’පුර වන්දනාවේ ගිය ත්‍රී රෝද රිය පොලිස් ජීප් රථයක ගැටේ / 02 ක් මරුට – 04 කට තුවාලයි

Accident
By Thaya Mar 01, 2021 06:06 PM GMT
Report

වාරියපොල – කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 04 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කටුපොත පොලිස් ස්ථානයට අනුයුක්ත ජීප් රථයක් සහ අනුරාධපුර වන්දනාවේ යමින් සිටි වේයන්ගොඩ පදිංචි පිරිසක් රැගත් ත්‍රී රෝද රථයක් අද පෙරවරු 08 ට පමණ එකිනෙක ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කලේ. මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ රියදුරු සහ ඔහුගේ 69 හැවිරිදි මවයි. ත්‍රී රෝද රථ රියදුරු ගේ 34 හැවිරිදි බිරිඳ / 09 හැවිරිදි සහ 13 හැවිරිදි දියණියන් දෙදෙනා තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහළට ඇතුළත් කර තිබෙනවා.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගොස් නැවත පැමිණෙමින් තිබූ කටුපොත පොලිස් ස්ථානයට අයත් ජීප් රථයක් මෙලෙස ත්‍රී රෝද රථයේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කලේ. එය ධාවනය කල කොස්තාපල් රියදුරුද තුවාල ලැබූවන් අතර වනවා. ඔහුද රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියා. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් විමර්ශන ක්‍රියාත්මකයි.