සෙල්ලකතරගම ගංජා පටවාගෙන සෙල්ලම් දැමු ත්‍රීරෝද රථයක් අත්අඩංගුවට ...
සෙල්ලකතරගම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ගංජා ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් වටලා රුපියල් පහලොස් ලක්ෂ හැත්තෑපන්දහසක ( 1,575,000/= ) පමණ වටිනා ගංජා තොගයක් සමගින් ත්‍රී රෝද රථයක් අද (02) උදෑසන සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. මහජනතාවගෙන් ලද තොරතුරකට අනුව කළ වැටලීමේදී ගංජා ප්‍රවාහනය කරමින් සිටි ත්‍රී රෝදරථයේ ගමන් කළ සැකකරුවන් තිදෙනකු රථයද දමා පලාගොස් ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි. මෙසේ අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථය රුපියල් හත් ලක්ෂයක් පමණ වටිනා කමක් ඇති අතර එහි සගවා තිබු ගංජා ග්‍රෑම් 25000 සොයා ගත් අතර එම ගංජා තොගයේ වටිනාකම රුපියල් රුපියල් අටලක්ෂ හැත්තෑපන්දහසක් ( 875,000/= )පමණ වන බවද කපිල කුමාරසිංහ මහතා පවසයි.
පලා ගොස් ඇති සැකකරුවන්ගෙන් එක් අයකු හදුනාගෙන ඇති අතර අදාල සැකකරු ඉදිරියේදී තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරි පත් කිරීමට නියමිතය. අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිටත් විශේෂිත සුරාබදු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ සුරාබදු අධිකාරී සමන්ත කොස්තා මහතා ගේ අධීක්ෂණය මත, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති ,ප්‍රධාන දු පරීක්ෂක ජානක ඩයස් මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක එන්.ජේ.රණවීර, සුරාබදු නියාමකවරුන් වන 673 රත්නායක, 827 වමින්ද, 897 නුගේතැන්න, 1176 කුමාර සහ සුරාබදු රියදුරු දිල්රුක් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
