වැලන්ටයින් දිනයේ පෙම්වතුන්ගේ සාද තුනක් කොටු ..

Police
By Thaya Feb 16, 2021 07:01 PM GMT
Thaya

Thaya

Report

.වැලන්ටයින් දිනයේ සමාජ මාධ්‍ය ‍ඔස්සේ සුප්‍රසිද්ධ හෝටල් තුළ පැවැත්වීමට සංවිධානය කර තිබු මත්පැන් සාද තුනක් මොරටුව ,බොරලැස්ගමුව හා උනවටුන ප්‍රදේශ වලින් වටලා රුපියල් ලක්ෂ දහයක් වටිනා විදේශීය මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් තිදෙනකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත. අදාල මත්පැන් සාද සදහා සහභාගිවීමට පෙම්වතුන් ප්‍රවේශපත්‍ර කලින් වෙන්කර ගත යුතු අතර සුරාබදු නිලධාරියකු උපාය ධුතයකු ලෙස යවා මෙම වැටලීම සිදුකර ගැනීමට සමත්වී තිබේ. මෙහිදී පෙම්වතුන් සදහා අධික මිල ගණන් යටතේ විදේශීය මත්පැන් විකිණීම සිදු කරන අතර එහි තිබී අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ විදේශීය මත්පැන් මිලි ලීටර් 49300 ක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

මෙම සාද සියල්ලම සංවිධානය කර තිබුණේ සුරාබදු අවස්ථා බලපත්‍ර ලබාගැනීමකින් තොරව වූ අතර මෙම හෝටල් පරිශ්‍රයන් සදහා ද කිසිදු සුරාබදු බලපත්‍රයක් ලබා නොතිබිණි. එම සාද තුන සංවිධානය කරන ලද සැකකරුවන් තිදෙනා උනවටුන, අනුරාධපුර හා නුගේගොඩ ප්‍රදේශයන් වල පදිංචි වයස අවුරුදු 20 හා 25 අතර පසුවන පුද්ගලයින් වන අතර මොවුන් ගාල්ල, මොරටුව හා ගල්කිස්ස යන මහේස්ත්‍රාත් අධිකරණයන් වෙත ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි , සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත , කොළඹ සුරාබදු මෙහෙයුම් ඒකකයේ අධීකාරි චන්න විරක්කොඩි මහතාගේ අධීක්ෂණය යටතේ ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ප්‍රධාන සුරාබදු පරික්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවිමෙන්, සුරාබදු පරික්ෂක වරුන් වන එම්.ඩබ්. සුමිත් ප්‍රේමකුමාර, එච්.ජී.පී. රණවීර, එච්.ඩි.ඩි.ඩි.කුමාර, කේ.ජි.වර්ණතිලක සුරාබදු සැරයන්වරුන් වන 566 පී.ජී.ජේ.ඩයස්, 842 ඩබ්.එම්.ආර්.නජිත්සිං 689 කේ.ඒ.එන්.කුරුප්පු ,සුරාබදු කෝප්‍රල්වරුන් වන 637 එල්.ඒ.ඩී.වීරසිරි, 679 එම්.කේ.ජී.කේ.සේරසිංහ, 773 එම්.ඒ.සුදත් සිරිතුංග, 825 එම්.එම්.ජේ.කුමාර, 828 කේ.ජි.සි.හර්ෂ කුමාර, 922 පී.සංජය පෙරේරා, 997 ඩී.ඩබ්.උපුල් නිලන්ත රාජපක්ෂ, සුරාබදු නියාමක 1141 ජී.රමිත දේශාන් ගුණරත්න, කාන්තා සුරාබදු නියාමිකා 90 එම්.ජේ ආර් ප්‍රනාන්දු, සුරාබදු නියාමක රියදුරු එල්.ඊ.ඒ.පි.එදිරිසිංහ, එච්.එම්.එස්.ආර්.හේරත්, ඒ.ජි.අතුකෝරළ ආරච්චි යන නිලාධාරීහු මෙම වැටලිම් සිදු කළහ.