ත්‍රිරෝද රියකින් ගිය තිදෙනෙක්ට ඇසිඩ් ගහලා

Acid
By Thaya Jan 06, 2021 04:41 PM GMT
Thaya

Thaya

Report

ත්‍රිරෝද රථයකින් යමින් සිටි කාන්තාවන් දෙදෙනකුට සහ පිරිමි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඊයේ (04 වැනිදා) දහවල් ගාල්ල තලාපිටිය හන්දියේදී ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර ඇතැයි ගාල්ල පොලිසිය පැවසීය.

ඇසිඩ් වැදීමෙන් බරපතළ තුවාළ ලැබූ තිදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ප්‍රකාශකයෙකු පැවසූවේ කාන්තාවන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බවයි.

තලාපිටියේ පදිංචි මෙම තිදෙනා එකම පවුලකට සම්බන්ධ ඥාතීන් බවත් බද්දේගම අධිකරණයට ගොස් ආපසු එමින් සිටියදී ත්‍රි රෝද රථය පිටුපසින් පැමිණි යතුරු පැදිය තලාපිටිය හන්දියේදී ත්‍රි රෝද රථයට ඉස්සර කරනවාත් සමගම යතුරු පැදියේ පිටුපස සිටි පුද්ගලයා විසින් ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවත් පොලිසිය කීවේය