හාල් කිලෝ තුනක් පවුලකට සති දෙකකට ප්‍රමාණවත්…..! – බන්දුල

Rice
By Thaya Apr 06, 2021 05:46 PM GMT
Thaya

Thaya

Report

සහල් කිලෝ ග්‍රෑම් තුනක් එක් පවුලක පරිභෝජනය සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. සතොස හරහා රු. 1000ක ඉතා ම තරඟකාරී මිලකට සහන මල්ලක් ලබාදීම මහත් කැළඹීමකට හේතු වී ඇති බව ද ඇමැතිවරයා සඳහන් කරයි. සතොස හරහා ලබා දෙන භාණ්ඩ ඉතාම ගුණාත්මක බවත් එක අයෙකුට ලබා දෙන්නේ එක සහන මල්ලක් බවත් ඔහු ප්‍රකාශ කළේය. එම සහන මල්ලේ හාල් කිලෝ තුනක් සහ සීනි කිලොවක් ඇති බවත් එය පවුලකට සති දෙකකට ප්‍රමාණවත් වෙතැයි තමන් සිතන බවත් ඇමැතිවරයා මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.