කොරෝනා පැතිරීමේ වේගය අනුව ලංකාව හිමි තැන මෙන්න.

Covid India Corona Sri lanka Molduse
By Aruna May 09, 2021 07:10 AM GMT
Aruna

Aruna

Report

සිකුරාදායින් අවසන් වූ සතියක කාලය තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය පැතිරීමේ වේගය 82%ක් බව ජාත්‍යන්තර සමීක්ෂණයක් පෙන්වා දෙයි.

නිතිපතා කොරෝනා රෝගය ගැන පරීක්ෂණ කරන සුප්‍රකට Worldometers (වර්ල්ඩෝ මීටර්ස්) වෙබ් අඩවිය නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන්ය. දකුණු ආසියාවේ සෙසු රටවල් ගත්කළ සතියක් තුළ වැඩිම කොරෝනා වර්ධන වේගය පෙන්වන්නේ නේපාලයයි.

එහි වර්ධනයේ ප්‍රතිශතය 105%කි. රෝගීන් බහුලව වාර්තාවන ඉන්දියාවේ දැන් කොරෝනා පැතිරීමේ වේගය (එරට ජනගහනයට සාපේක්ෂව) 11%ක මට්ටමේ පවතී.

එය දකුණු ආසියාවේ අඩුම රෝගීන් වර්ධනයයි.

ශ්‍රී ලංකාව ළඟට දකුණු ආසියාවේ වැඩියෙන්ම කොරෝනා පැතිරෙන රට මාලදිවයිනයි.

එහ සතියක වර්ධන වේගය 69%කි. එසේම ඉන්දියාවට පසු දකුණු ආසියාවේ අඩුම කොරෝනා වර්ධන වේගය සටහන් කරන්නේ භූතාන රාජ්‍යය විසිනි.

එහි සතිපතා රෝගීන් වර්ධන වේගය 16%කි. ගතවූ සතියක කාලය තුළ ලොව වැඩිම කොරෝනා පැතිරීමේ වර්ධනය පෙන්වා ඇත්තේ පේරු අයිලන්ඩ් දූපත් රාජ්‍යයේය.

එහි රෝගීන් වර්ධන වේගය 500%කි. මෙකී සමීක්ෂණ වාර්තාව අනුව ගතවූ සතියේ ලෝකයේම රෝගීන් වර්ධනය 3%කි.

ලොව පුරා මරණ 91,596ක් සිදුව තිබියදී එම සතියේ සුවපත් වූ රෝගීන් ගණන 4,00,382කි.

එය සමස්ථත රෝගීන් ගණනින් 8%කි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/GFlBr3bpi3pL2kVVljbDxn