දෙපා ලස්සන කරන නියපොතු ගැනත් හිතමුද
වෙළඳපලේ කෙතරම් ලස්සන පාවහන් තිබුනත් ඔබට ඇත්තේ අවපැහැ වුන නියපොතු සහිත දෙපා යුගලක් නම් සැම විටම දෙපා වැසුනු විලාසිතා වලට පමණක් සීමා වීමට ඔබට සිදු වෙනවා. එහෙමත් නතිනම් සෑම විටම නිය ආලේපන භාවිතා කිරීමට සිදුවේවි. ඉතින් ඔබේ මුහුණට දක්වන සැලකිල්ලෙ තරමටම නියපොතු ගැනත් සැලකිල්ලක් දක්වනවානම් ඔබ විසින්ම ඔබට පනවාගෙන ඇති සීමා වලින් මිදෙන්න ඔබට හැකි වේවි.ඉතින් මේ සරල ක්‍රම අත්හදා බලලා ලස්සන නියපෙළක උරුම්කාරියක් වෙන්න.ඔබට ස්වභාවිකව ලැබී ඇති නියපොත්තේ හැඩය එලෙසම පවත්වා ගැනෙන ආකාරයට නියපොතු කැපීම වඩා යෝග්‍ය වෙනවා. ඒ වගේම සතියට වරක් වත් නියපොතු කපන්න අමතක කරන්න එපා. ඔබේ නියපොතු නියාමාකාරයෙන් වර්ධනය වන්නේ නැතිනම් විටමින් ඊ කරල බැගින් නියපොතු මත ආලේප කර මසාජ් කරන්න.ඔබට ඇත්තේ ඉක්මනින් කැඩෙන නියපොතු නම් ඒ සඳහා මඳ උණුසුම් ජලය බේසමකට ජෙලටින් ස්වල්පයක් දමා විනාඩි කිහිපයක් දෙපා දමාගෙන සිටින්න.ඒ වගේම නිය ආලේපන තෝරා ගැනීමේදී ඇසිටෝන් අඩංගු නොවන නිෂ්පාදන තෝරා ගන්න. සෑමවිටම බේස් කෝට් එක ආලේප කර ඉන් පසුව නිය ආලේපන තවරා ඊටත් පසුව ටොප් කොට් එක ආලේප කරන්න. මෙහිදී දින දෙකකට වඩා එම නිය ආලේපන නියපොතු මත නොතිබීමට සැලකිලිමත් වීම තුලින් ඔබේ නිය පෙලට සිදුවිය හැකි හානි අවම කර ගැනීමට ඔබට හැකි වේවි. නියපොතු පිරිසිදු කරගැනීම සඳහා ඔබට එලකිරි භාවිත කල හැකියි. ඒ වගේම රාත්‍රියට නියපොතු මත කෝමරිකා ආලේප කිරීමට හැකි නම් ඒමගින් නියපොතුවල අවශ්‍ය පෝෂණය බාහිරෙන් ලබා දීමට ඔබට හැකි වේවි.